සිරකරුවෝද මනුශ්‍යයෝය වගේම තමයි උපදේශකවරුන්ද මනුශ්‍යයෝය. මෙන්න මේක ඉස්සෙල්ලාම චුට්ටක් ඔලුවට දාගෙනම මේ ලිපිය කියවන්න පටන් ගන්න.
ලංකාවෙ බොහෝම මෑතක තමයි සාමාන්‍ය ජනතාව උපදේශනය සදහා යන්න හෝ තමන්ගෙ හිතවතෙක් යොමු කරන්න ටිකක් හරි හිත හදාගන්නේ. හැබැයි මේ උපදේශන ක්‍රියාවලිය ගැන හෝ උපදේශකවරුන්ට කරන්න පුලුවන් දේවල් පිළිබදව තියෙන නොදැනුවත්බව නිසා සමහර මිනිස්සු උපදේශනය පිළිබද වැරදි මත ඔලුවට දාගන්නවා. ඒ නිසා පොඩියට හරි අපහැදීමක් තියෙනවානම් ඒ ප්‍රශ්නෙත් අද විසද ගමු.
උපදේශනය කියන වචනෙ හරි සරල තනි වචනයක් උනාට මේක හරි සංකීර්ණ ක්‍රියාවලියක්. මනුස්සයෙක් උපදේශනයට ඇවිත් තමන්ට මේ මොහොතේ තියෙන ලොකුම ප්‍රශ්නය ගැන කතා කරද්දී, තාවකාලිකව ඒ පුද්ගලයගෙ ජීවිතේ ජීවත්වෙලයි උපදේශකවරයෙක් ඒ පුද්ගලයව තේරුම් අරන් උදව් කරන්නේ. ඒකට අපි කියන්නේ empathy දෙනවා කියලා. එන පුද්ගලයා ලිංගිකව අපයෝජය උන කෙනෙක්නම්, toxic සම්බන්ධතාවය ඇතුලේ විදවන කෙනෙක්නම්, කොච්චර උත්සාහකලත් අධ්‍යාපනයේ ඉහළට එන්න බැරි කෙනෙක්නම්, ඒ සේවාදායකයාගේ අත්දැකීම්, අපහසුතා, ඔවුන්ට දැනුන දැනෙන හැගීම් ඔවුන් කතාව කියද්දී උපදේශකවරයා 100%ක් අත්විදලයි ඔවුන්ව තේරුම් ගන්නේ. ඒ මොහොතේ එම ක්‍රියාවලිය වෙනුවෙන් උපදේශකයෙකු වැයකරන ශක්තිය ඔබට හිතාගන්නවත් බෑ.

ඒ විතරක් නෙමෙයිනේ, සේවාදායකයා කතාව කියලා ඉවරවෙද්දී ඔහු හෝ ඇය වෙනුවෙන් උපදේශකවරයාට පේන හොදම විකල්ප මාර්ග ටික, මේ ගැටලුවෙන් ගොඩ එන්න භාවිතා කරන්න පුලුවන් therapy මොනවද කියන එක වගේ ගොඩාක් දේවල් උපදේශකයගේ ඔලුව ඇතුලේ වේගෙන් වැඩ කරන්න ඕනේ. කොයි වෙලාවකවත් උපදේශකවරයෙකුට කියන්න බෑනේ “මං ඔයාගේ ප්‍රශ්නෙ ගැන හොදට කල්පනා කරලා, කරන්න පුලුන් දෙයක් පස්සේ හිමීට කියන්නම්” කියලා. ඒ නිසා හොදට හිතලා බලන්න අපි සාමාන්‍යයෙන් කෙනෙක්ට අපේ ප්‍රශ්නයක් කිව්වම එයාලා කියන්නෙ “අයියෝ හැමෝටම දැන් ප්‍රශ්න තියෙනවා, වැඩිය ඕක ගැන හිතන්නෙපා” කියලනෙ. එහෙම වෙන්නේ ඔයාගෙ ප්‍රශ්නෙ කව්රුත් තමන්ගෙ ප්‍රශ්නයක් විදිහට හිතලා බලන්නේ නැති නිසා. මොකද ඒක අනවශ්‍ය ආතතියක්. අපේ වචනයෙන් කිව්වොත් අනවශ්‍ය stress එකක්.
එතකොට උපදේශකවරු කියන්නේ කැමැත්තෙන්ම තමන්ගෙ රැකියාව විදිහට අනිත් අයගෙ ප්‍රශ්න තමන්ගෙ කරගෙන, ඒක ඇතුලෙ තාවකාලිකව ජීවත් වෙලා තමන්ගෙ ඒ සුවිශේෂී හැකියාවෙන් සේවයක් කරන ගමන් ඒක තමන්ගෙ වෘත්තීය විදිහට කරගෙන යන පිරිසකට.
ඒක හැකියාවක් කියලා මං කියන්නේ, උපදේශකවරයෙකුට තමන්ගෙම කියලා ප්‍රශ්න ඕන තරම් තියෙද්දී අනිත් අයගෙත් ප්‍රශ්නත් අහලා, ඒ ප්‍රශ්න තමන්ගෙම කරගෙනත් ආතතියට පත් නොවී මේ වෘත්තීයේම ඉන්නවා කියන්නේ ඔහුට/ ඇයට හොද ප්‍රජානන හැකියාක් තියෙන්නම අවශ්‍යයි. උපදේශන වෘත්තීය තෝරගන්න ගොඩක් අය ටික කාලෙකින් මේ වෘත්තීයට සමුදෙනවා. ඒ තියෙන ආතතිය දරාගන්න බැරිකම නිසා. වරදවා තේරුම් ගන්න එපා, මම මේ කියන්නේ නිවැරදිව උපදේශනය කරන උපදේශකවරුන් ගැන මිසක් මිනිස්සුන්ගෙ සල්ලී හූරගෙන කන, කෝකටත් තෛයිලෙ වගේ එන හැමෝටම එකම therapy එක කරන, ලස්සනට කතා කරන්න පුලුවන් නිසා කතාවෙන් මිනිස්සු රවට්ටන බිස්නස්කාරයින් ගැන නෙමෙයි.
ඉතිං ඇත්තටම මනෝවිද්‍යාව විෂය ඉගෙනගෙන මේ වෘත්තීයේ නියැලෙන හිත්සුවපත් කරන healers ලා වෙනුවෙන් මේ ටික කියන්නේ.
මම දන්න ගොඩාක් උපදේශකවරු කියන කතාවක් තමයි, “මිනිස්සු හිතන් ඉන්නවා රෑ 12ටත් අපි එයාලට කතා කරන්න ඕනේ, අපි නොමිලේ අපේ සේවාව දෙන්න ඕනේ, අපිට හදිසියකට නිවාඩුවක් ගන්න බෑ, අපේ පෞද්ගලික දුරකථන අංක ලබා දෙන්න ඕන, කොටින්ම එයාලා එනකොටම available වෙන්න ඕන” වගේ දේවල්.
මං මුලින්ම කිව්වනේ මේක සේවාවක් සපයන වෘත්තීයක් කියලා, එතකොට ඔබ බැංකු සේවාව ලබා ගන්න රෑ 12ට බැංකුවට යනවද? බැංකු සේවකයින් ඔබට නොමිලේද සේවාව සපයන්නේ? බැංකුවෙ නිළදාරී නිවාඩු ගන්නේ නැද්ද? ඔබ ඔබේ මුදල් තැන්පත් කරන්න උදව්කරන සේවකයින්ගේ දුරකථන අංකය ඉල්ලනවද හදිසියේ සල්ලී දාගන්න ඕන උනොත් කතා කරන්න කියලා? හවස 6ට විතර බැංකුවට ගිහින් ඔබ කෑගහනවද බැංකුව අරින්න මගේ වැඩ කරගන්න මං දැන් තමයි නිදහස් උනේ කියලා?

මම පිළිගන්නවා බැංකු සේවාවට වඩා ලොකු වගකීමක් අපිට තියෙනවා වගේම මේක අතිශය මානුශීය කාරණාවක් කියලා. නමුත් ඕනෑම හදිසි අවස්ථාවක ඔබට සේවාවන් සපයන්න පැය 24ම විවෘත රජයේ සහ පෞද්ගලික රෝහල් තියෙනවා. හදීසි ඇමතුම්වලට දුරකථන සේවාවන් හදුන්වාදීලා තියෙනවා. ගෙදර ඉදන්ම ඔබට ඒ සේවාවන් ලබා ගන්න පුලුවන්. ඒ නිසා ඉතා කරුණාවෙන් ඉල්ලන්න තියෙන්නේ උපදේශකවරු කියන්නෙත් ඇට, මස්, ලේ, නහර වලින් හැදුන, හැගීම් දැනීම් තියෙන මිනිස්සු කොට්ටාසයක්. ඔබ වගේම දහස් ගණනක් මිනිස්සුන්ට ඔවුන් සේවාව සපයනවා. ඔබ නොදන්නවා උනාට ඔබ ඔවුන්ගේ සේවාව ගන්න මොහොත වෙද්දීත් ඔවුන් තමන්ගේ දිවා ආහාරයවත් අරගෙන නැතුව ඇති, සමහර දවස්වලට තමන්ගේ සේවාදායකයින් වෙනුවෙන් නිදි නැතිව මහන්සි වෙනවා ඇති. ඒ නිසා මෙම සේවාව නිවැරදිව, උපරිමව ලබාගෙන ඔබ සුවපත් වෙන්න. නමුත් ඔවුනුත් මිනිසුන් බව අමතක නොකරන්න.
සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව
සිතුවම් Dall -E මගින් නිර්මාණය කර ඇත