ඉපදුන දවසේ ඉදන්ම, සමහරවිට ඉපදෙන්න කලින් ඉදලම අපේ දෙමාපියන් උත්සාහ කරන්නෙ අපිට හොද අනාගතයක් හදන්න. බොහොම සතුටුදායී ජීවිතයක් දෙන්න.අධ්‍යාපනය තමයි එතනදි මූලීකත්වය ගන්නේ. ශිෂ්‍යත්වය සමත්වෙන්න උත්සහ දරන තැන ඉදන් සරසවියකට යන්න උත්සාහ දරන තැන දක්වාම අපිව ඇදගෙන යන්නේ “ලස්සන සතුටුදායී අනාගතයක්” කියන හීනය.