යම් පුද්ගලයෙකු මානසික ගැටලුවකින් පෙළෙන විට ඔහුට හෝ ඇයට තමන්ගේ එදිනෙදා වැඩකටයුතු වලට අවධානය දීමට නොහැකි වීම යනු ඉතාමත් සුලබ කාරණයකි. ඒ වගේම ඉක්මනින් කේන්ති යාම, කෑම අරුචිය, නින්ද සම්බන්ධ ගැටළු, නිවැරදි තීන්දු තීරණ ගැනීමේ නොහැකියාව ආදී වශයෙන් බොහොමයක් ගැටළු එම මානසික ගැටළුකාරී ස්වභාවයත් සමඟ පැන නගිනු ඇත.
ඔක්තෝබර් 10 වෙනිදට යෙදිලා තියෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලියවෙන ලිපි අතරට මගෙන් පුංචි අදහසක් එකතු කරන්න හිතුවා. හැමදාම අපිට හිතෙන්නේ ලෝකේ මේ යනවිදිහේ ලොකු අවුලක් තියෙනවා ඒක වෙනස් වෙන්න ඕනේ හැබැයි ඒක මට විතරක් තනියම කරන්න බෑ, ලොකු පිරිසක් එකතුවෙන්න ඕනේ, ලොකු පිරිසකගේ වෙනස් උනොත් විතරයි සැබෑ වෙනසක් වෙන්නේ කියල.
ආදර සම්බන්ධතාවයක් අපට අවශ්‍ය වන්නේ අපගේ ජීවිතයේ සතුට තවදුරටත් වැඩිකිරීම සඳහාම මිස ජිවිතය විඳවීමට නොවේ. නමුත් අද වර්තමානයේ බහුතරයක් තරුණ තරුණියන් ජීවිතය විඳවන්නේ, විටෙක ජිවිතයෙන් සමුගන්නේ ප්‍රේම සම්බන්ධතා නැත්නම් මේ කියන ආදරය නිසා කිව්වොත් මම නිවැරදී. මෙහිදී මේ සඳහා ඔබට මට බලපාන හේතූ කිහිපයක් අපි සාකච්ඡා කරමු.
මේ අධ්‍යාපන රටාව ඇතුලේ දරුවන්ට ඔවුන්ව අහිමි වෙලා. පුංචි කාලේ ඉදන්ම ගුරුවරුන්, දෙමාපියන් හොයන්නේ බෝල අකුරු තියෙන, ඉගෙන ගන්න දක්ශම ළමයව. අකුරු කැතයිනම් , විභාගවලට ලකුණු අඩුයිනම්, ඒ ළමයා ඔවුන්ට අනුව මෝඩයෙක්! සමහරවෙලාවට දරුවන්ට කතා කරන්නෙත් මී හරකා,ගොනා, බූරුවා, මැට්ටා වගේ හරිම නරක වචන වලින්. හැමතිස්සේම කරන්නෙ දරුවව සසදන එක. “අරයට පුලුවන්නම් ඇයි ඔයාට බැරි?”