සැනසුම මාර්ගගත මනෝ උපදේශන සේවාව

ලෝකයේ දසත විසිරී සිටින ශ්‍රී ලාංකිකයන්ට මානසික සෞඛ්‍ය සහාය

සැනසුම මාර්ගගත උපදේශන සේවාව 2020 දී ආරම්භ කරන ලද්දේ සෑම කෙනෙකුටම දැරිය හැකි මුදලකට, මානසික සෞඛ්‍ය සම්බන්ධ නිවැරදි වෘත්තීයමය සහායක් ලබා දීමේ අරමුණෙනි. ඉහළ සුදුසුකම් සහ අත්දැකීම් බහුල අපගේ උපදේශක කණ්ඩායම ඔබට සෑම අතින්ම ගුණාත්මක සේවාවක් ලබා දීම තහවුරු කරයි. අපගේ සේවාව මාර්ගගත (online) ක්‍රමයෙන් ලබාදෙන බැවින් ඔබට මනෝ උපදේශනය අවශ්‍ය ඕනෑම වෙලාවක අප හා සම්බන්ධ විය හැක.

අපගේ මනෝ උපදේශකවරුන්

අචිනි පූර්ණිමා ද සිල්වා

BA (Hons) Psychology (Peradeniya)
MA Buddhist Counseling (Kelaniya)
Registered Psychological Counselor (SRILNAC)

තනිපුද්ගල උපදේශනය
යුගල් උපදේශන
යොවුන්විය දරුවන් සදහා උපදේශනය

වික්‍රමානන්ද කුරුප්පු

BA (Hons) Psychology (Peradeniya)
MA Buddhist Counseling (Kelaniya)
MA Sociology (Kelaniya)

තනිපුද්ගල උපදේශනය
ඇබ්බැහිවීම් සම්බන්ධ උපදේශනය

සෙලානි අබේකෝන්

BA (Hons) Psychology (Peradeniya)
M.Phil Psychology (Peradeniya)

තනිපුද්ගල උපදේශනය
ළමා උපදේශනය
යුගල් උපදේශන

එම්.එම්.එෆ්. මහමූදා

BA (Hons) Sociology
Dip in Counseling

තනිපුද්ගල උපදේශනය (දෙමළ භාෂාව)
தனிப்பட்ட ஆலோசனை (தமிழ் மொழி)
යුගල් උපදේශන (දෙමළ භාෂාව)
தம்பதிகள் ஆலோசனை (தமிழ் மொழி)

වෛද්‍ය සුරංගි ජයරත්න

MBBS
MD (Psychiatry)

විශේෂඥ මනෝවෛද්‍යය

(උපදේශක නිර්දේශය මත)

මෙම සේවාව සදහා කොපමණ මුදලක් වැය වේද සහ එම ගෙවීම් මා සිදුකළ යුත්තේ කෙසේද?

අපගේ සේවාවන් සැලසුම් කර ඇත්තේ ඔබට දැරිය හැකි මිලකට සහ වෘත්තීයමය වශයෙන් ගැලපෙන ආකාරයට වන අතර, ඔබට ගුණාත්මක භාවයෙන් යුතු හොඳම රැකවරණයක් මෙහිදී ලැබෙන බවට සහතික කළ හැක. ඔබගේ පහසුව සඳහා අපගේ සේවාවන් සහ ඒවායේ මිල ගණන් පහත දැක්වේ.


ServiceDurationPrice
තනිපුද්ගල උපදේශනය (සිංහල සහ දමිළ)විනාඩි 90රුපියල් 3500
යුගල උපදේශනය (සිංහල සහ දමිළ)විනාඩි 120රුපියල් 4500
ඇබ්බැහිවීම් සම්බන්ධ වූ උපදේශනයවිනාඩි 90රුපියල් 3500
ළමා උපදේශනයවිනාඩි 90රුපියල් 3500
යොවුන්විය දරුවන් සදහා උපදේශනයවිනාඩි 90රුපියල් 3500
විශේෂඥ මනෝවෛද්‍ය ප්‍රතිකාරවිනාඩි 30රුපියල් 3500

ඔබට පහත සඳහන් ක්‍රම හරහා ගෙවීම් සිදුකල හැක.

  • බැංකු හුවමාරු (මාර්ගගත හෝ බැංකුව වෙත ගොස්)
  • PayPal (වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න)

සියලුම ගෙවීම් පහත සදහන් බැංකු ගිණුමට සිදු කළ යුතුය

නම පී.එම්.බී.ඒ.පී. ද සිල්වා
බැංකුව සහ ශාඛාවලංකා බැංකුව – මාතර ශාඛාව
ගිණුම් අංකය0073547651
යොමුව(Reference)ඔබගේ නම හෝ දුරකථන අංකය

ඔබ ගෙවීම් කිරීමට පෙර සියලු විස්තර නිවැරදි බව තහවුරු කරගන්න.

අපගේ සේවාව ලබාගන්නේ කෙසේද?

  • පහත දැක්වෙන වේලාව වෙන් කරවා ගැනීමේ සබැඳිය හරහා ගොස් ඔබට අවශ්‍ය උපදේශකයකු සහ වේලාවක් වෙන්කරවා ගන්න.
  • සේවාවට අදාල මුදල අපගේ බැංකු ගිණුම වෙත බැරකර, එම රිසිට්පත WhatsApp හරහා අප වෙත යොමුකරන්න.
  • ගෙවීම තහවුරු වූ පසු, ඒ බව WhatsApp පණිවිඩයක් හරහා අප විසින් ඔබට දැනුම් දෙනු ලැබේ.
  • ඔබ විසින් වෙන්කරවාගත් දිනයට හා වෙලාවට අදාල උපදේශකවරයා/වරිය ඔබ සමග සෘජුවම සම්බන්ධ වනු ඇත.
  • උපදේශන සැසියක් සඳහා වේලාවක් වෙන්කරගන්නා ආකාරය පියවරෙන් පියවර පහත වීඩියෝවෙන් නරඹන්න

අපගේ සේවාවන් සම්බන්ධයෙන්, වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ තවත් බොහෝ දේ පිළිබඳ පැන නගින පොදු ගැටළු සදහා පිළිතුරු අපගේ “නිතර අසන ගැටළු” යන මෙනුව වෙත ගොස් සොයාගන්න.