නිතර අසන ගැටළු

අපගේ සේවාවන් සම්බන්ධයෙන්, වෙන්කරවා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සහ තවත් බොහෝ දේ පිළිබඳ පැන නගින පොදු ගැටළු සදහා පිළිතුරු

මම වෙනත් රටක ජීවත් වන අතර දෙරටෙහි ඇති කාල වෙනස නිසාවෙන් මට උපදේශන සැසියක් වෙන්කරවා ගත නොහැක. මට කුමක් කළ හැකි ද?

කරුණාකර මුලින්ම WhatsApp පණිවිඩයක් හරහා අප ඒ පිළිබදව දැනුවත් කරන්න. එවිට අප ඔබ සිටින රටෙහි වේලාවට ගැලපෙන පරිදි උපදේශන සැසියක් වෙන්කර දීමට උත්සාහ කරන්නෙමු.

උපදේශනය සඳහා භාවිතා කරන මාර්ගගත මාධ්‍යය කුමක්ද?

අපි විසින් භාවිතා කරන ප්‍රධාන මාර්ගගත මාධ්‍ය වන්නේ WhatsApp මාධ්‍යයයි. එහිදී ඔබගේ පහසුව පරිදි ශ්‍රව්‍ය, දෘශ්‍ය යන ඕනෑම ආකාරයක සැසියක් ඉල්ලා සිටිය හැක.

මා සිටින රටෙහි/ප්‍රදේශයෙහි WhatsApp භාවිතා කළ නොහැක. මට කුමක් කළ හැකි ද?

උපදේශන සැසියක් ලබා ගැනීම සඳහා ඔබට Botim (+94 71 1972235) හරහා අප හා සම්බන්ධ විය හැක. ඔබගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි උපරිම සේවාවක් ලබා දීමට අප අපගේ උපරිමය උත්සාහ කරන්නෙමූ.

මට මනෝ වෛද්‍යවරයකු සමඟ සැසියක් වෙන්කරවා ගැනීමට අවශ්‍යයි. ඊට ප්‍රථමයෙන් මා උපදේශකයෙකු හා සම්බන්ධ වී, ඔහු/ඇය හරහාම වෛද්‍යවරයා සම්බන්ධ කරගත යුතුද?

සෑම විටම මුලින් උපදේශනය ලබා ගැනීම අනිවාර්ය නොවේ. නමුත්, පළමුව උපදේශකවරයෙකු හමුවීම අප තරයේ නිර්දේශ කරන්නෙමු. මන්ද උපදේශනය හරහා ඔබගේ තත්වය තක්සේරු කර ඔබට ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය දැයි තීරණය කිරීමට උපදේශකවරයාට හැකි බැවිනි. එසේ අවශ්‍ය නම්, ඔවුන් ඔබගේ අවශ්‍යතා පිළිබඳව වඩාත් පැහැදිලිව හදුනාගෙන, ඒ පිළිබද සවිස්තර වාර්තාවක් සෘජුවම මනෝ වෛද්‍යවරයා වෙත යොමු කරනු ඇත. තවද මනෝ වෛද්‍යවරහා හා සම්බන්ධ වීමට ඔබට ලැබෙන කාලය විනාඩි 30 කට සීමා වන බැවින්, මුලින්ම උපදේශකයා විසින් ඔබ පිළිබද සවිස්‍තරාත්මක වාර්තාවක් වෛද්‍යවරයා හට ලබා දීම නිසා වඩා කාර්යක්ෂම සහ ඵලදායී සැසියක් ඔබට ලබා ගැනීමට හැකිවන බවට නොඅනුමානයි.

වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබන බෙහෙත් වට්ටෝරුව මා හට මාර්ගත ක්‍රමයට ලබා ගත හැකිද?

ඔව්,අපගේ මනෝ වෛද්‍යවරයාට ඔවුන්ගේ නිල මුද්‍රාව සමඟ අත්සන් කරන ලද බෙහෙත් වට්ටෝරුවක් WhatsApp හරහා ඔබට එවිය හැක. නමුත්, ඔබ ජීවත්වන රට අනුව, ඔබට ඔබගේ බෙහෙත් වට්ටෝරුවෙහි වලංගුභාවය තහවුරු කිරීමට අවශ්‍ය විය හැකිය. ශ්‍රී ලංකාව තුළ, ඔබට මෙම බෙහෙත් වට්ටෝරුව භාවිතා කර ෆාමසි හරහා කෙලින්ම බෙහෙත් මිළදී ගතහැකිය. ඔබ වෙනත් රටක ජීවත්වන අයෙක් නම්, ඔබ ජීවත්වන රටෙහි ලියාපදිංචි වෛද්‍යවරයෙකු හරහාම බෙහෙත් වට්ටෝරුවක් ලබාගැනීම බොහෝවිට අත්‍යවශ්‍ය වනු ඇත. එම නිසා ඖෂධ ලබා ගැනීමේදී සැමවිටම ඔබ ජීවත්වන රටෙහි ඖෂධ හා සම්බන්ධ නීතී රීතී අනුගමනය කිරීම සුදුසු බව දක්වනු කැමැත්තෙමු.(විශේෂයෙන්ම මනෝ ප්‍රතිකාර ලෙස භාවිතා කරන ඖෂධ භාවිතා කිරීමට යාමේදී)

ගෙවීම් සිදුකල හැකි ආකාර මොනවාද?

ඔබට අපගේ බැංකු ගිණුම වෙත මුදල් බැරකල හැකිය (මාර්ගගත හෝ බැංකුව වෙත ගොස්). ඔබ විදේශගතව සිටින අයෙක්නම් ඔබට PayPal හරහා ගෙවීම් සිදුකල හැකිය. PayPal ගෙවීම් සඳහා විස්තර ලබාගැනීමට අප හා සම්බන්ධ වන්න.

සැසියෙන් පසු මට ගෙවීම් කළ හැකිද?

සමාවෙන්න, ඔබට එසේ කළ නොහැක. පෙර සේවාදායකයින් හා ඇති අත්දැකීම් හේතුවෙන්, සැසිය තහවුරු කිරීමට පෙර ගෙවීමක් සිදුකිරීම අත්‍යවශ්‍ය වනු ඇත.

මාගේ ගැටළුව මෙහි සඳහන්ව නැත

කරුණාකර WhatsApp හරහා අප සමග සම්බන්ධ වන්න. අප පැය 24ක් ඇතුලත ඔබ හා සම්බන්ධ වන්නෙමු