හැමතිස්සෙම අපි උපදේශකවරුන් වෙන්න පුහුණු වෙන දරුවන්ට කියන කාරණාව තමයි “ඉස්සෙල්ලාම ඔයා ඔයාව අදුනගන්න” කියන කාරණාව.

මොකද සමහරු කියන දෙයක් තමයි, මම මගේ personal life එකයි professional life එකයි පටලවගන්නෙ නැත්‍තන් මම මොනවා කිව්වත්, කරත් කාටවත් ප්‍රශ්නයක් නෑනේ කියලා. ඒත් මට තියෙන ප්‍රශ්නය තමයි, Professional හරි personal හරි mode එක තමයි දැන් තියෙන්න ඕනේ කියලා ඔයාගේ mode එක මාරු කරන switch එක කොතනද තියෙන්නේ කියන එක.
මම පෞද්ගලිකවම විශ්වාස කරනවා ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට විශ්වාස කරන, අගය කරන, පුරුදු කරන දේවල් ඔබේ වෘත්තීමය ජීවිතයට අනිවාර්යයෙන්ම බලපානවා කියලා. එතනදි විශේෂයෙන්ම ඔබේ ආකල්ප (Attitudes).
උදාහරණ විදිහට, ඔබ ඔබේ දෙමාපියන්ට වෛර කරනවා නම්, ඔබේ සේවාලාභීන්ට ඔබ නොදැනුවත්වම ඒ කාරණාව ඔබ සම්ප්‍රේෂණය කරනවා ඔවුන්ගේ ප්‍රශ්නයට අදාලවෙන විදිහට. ඔබ තවමත් ඔබේ ප්‍රේමවන්තියට වෛර කරනවා නම්, couple counseling එකකදී ඔබ ප්‍රේමවන්තයන්ට හා ස්වාමිපුරුෂයන්ට කාන්තාවන්ගේ වැරදි උලුප්පවා පෙන්වීම සිදු කරන්නේ ඔබටත් නොදැනීමය. මෙය විස පෙවීමක් වැනිය. මේ ආකාරයෙන් ඕනෑම විටෙක ඔබ විසින් ඔබේ සේවාලාභීන්ට වස පෙවිය හැකි බැවින් මට ඔබෙන් ඉල්ලීමට ඇත්තේ මෙපමණයි,
“මුලින්ම ඔබ ඔබව හදුනා ගන්න. ඔබේ විශ්වාසයන්, ඔබ අගය කරන දේවල්, ඔබ වෛර කරන දේවල්, ඔබේ අඩුපාඩු, ඔබ සතු හොද ගුණාංග, ඔබේ සිතේ කව්රුන් ගැන හෝ පළිගැනීමේ චේතනා තිබේද යන වග, ඔබ ආවේගශීලී වූ විට ඔබේ හැසිරීම… ආදී වශයෙන්. ඒවා හදුනාගත් පසුව ඔබේ තුවාල මුලින්ම සුව කරගන්න. අවශ්‍යනම් මනෝ උපදේශකවරයෙකු සහය ලබා ගන්න. බෙහෙත් ප්‍රතිකාර අවශ්‍යනම් ඒ වෙත යොමු වෙන්න. ඔබ මේ ලෝකයේ ඕනෑම මනුස්සයෙකුට (මුලින් ඔබ වෛර කළ පුද්ගලයන්ට පවා) කොන්දේසි විරහිතව උදව් කිරීමට හිත හදාගත් පසු පමණක්ම මේ වෘත්තීයට පැමිණෙන්න. ඔබේ විනයවත් බව ඔබ විසින් සකසාගත යුතුමයි.”
මනෝ උපදේශන වෘත්තීය කියන්නේ මිනිස්සුන්ට ජීවිතේ දෙන්න වගේම ජීවිත අහිමි කරන්න පුලුවන් ඉතා භයානක වෘත්තීයක්. ඒ නිසා උපාධියක් තිබුන පළියට, සමාජයෙන් පැසසුමක් ලබා ගැනීමට, මුදල් ඉපයීම පමණක් අරමුණු කරගෙන මේ වෘත්තීයට ආවොත් ඒක ඔබ සමාජයට කරන හරවන්න බැරි වැරැද්දක්. මට අනුව ඒක මහා පව්කාර වැඩක්. ඒ නිසා මනෝ උපදේශකවරයෙක් ලෙස තමාව හදුන්වා දීමට පෙර ඔබ ඊට සුදුසුදැයි එක වරක් නොව සියවරක් සිතන්න. ඔබ පමණක් නොව ඔබේ හදවතත් මේ වෘත්තීය තෝරාගැනීමට එකග විය යුතුයි. එවිට ඔබ ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙකු වෙන එක නවත්තන්න කාටවත්ම බෑ. මිනිසුන්ම ඔබට “ඔබනම් ඇත්තටම මේ වෘත්තීයට ගැලපෙනම කෙනා” බව ඔබට කියනු ඇත!
සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව
සිතුවම් Dall -E මගින් නිර්මාණය කර ඇත